මගේ අම්මාගේ ආදර භාෂාව ගැන මම මුලින්ම ඉගෙන ගත් විට, මම සිතුවේ මේවා සාමාන්‍ය වාක්‍ය පමණක් බවයි. මම ඒ ගැන වැඩි අවධානයක් යොමු කළේ නැහැ, 'ඒකේ මොකක්ද විශේෂත්වය?' කියලා හිතුවා. නමුත් පල්ලිය මට එය ක්‍රියාත්මක කිරීමට උපදෙස් දුන් පසු, මට අනපේක්ෂිත ප්‍රතිඵල ලැබුණා. මගේ පවුලේ අය සමඟ වඩාත් සතුටින් හා සමීපව ගත කිරීමට මට හැකි වුණා. කලින් මට හොඳ සම්බන්ධතාවයක් නොතිබූ මගේ රැකියා ස්ථානයේ සගයන් සමීප වීමට පටන් ගත්තා, ඒ වගේම දිවා ආහාරය සඳහා මාව අවන්හල්වලට පවා රැගෙන ගියා. දැන්, මම මගේ අම්මාගේ ආදර භාෂාව මගේ දෛනික ජීවිතයට අදාළ කර ගැනීමට තීරණය කර තිබෙනවා.
© අනවසරයෙන් ප්‍රතිනිෂ්පාදනය හෝ නැවත බෙදාහැරීම තහනම්.
12